Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදුලිබල අමාත්‍යවරයාගේ  අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන්  අඛණ්ඩ විදුලි සැපයුම කෙරෙහි ව්‍යාකූල තත්ත්වයක් ඇතිවී තිබෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා .

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ  එකඟවූ පරිදි අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට අසමත් වූවහොත් විදුලිබල මණ්ඩලය නීතිය ඉදිරියට ගෙනයන  බවයි.

අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී  ඔහු මේ බව සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/01/JANAKA-RATHNAYAKA-EDIT-01-.mp3?_=1

මේ අතර විදුලි ගාස්තු සංශෝදනය  සම්බන්ධයෙන්ද මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ  සබාපති ජනක රත්නායක මහතා  ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/01/JANAKA-RATHNAYAKA-EDIT-02.mp3?_=2

මේ අතර විදුලිබල මණ්ඩලයේ මෙම විදුලි කප්පාදු කළමනාකරණ වැඩසටහනට තමන් අනුමැතිය ලබා නොදුන් බවද මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.

එමෙන්ම උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන 17 වන දා දක්වා කාලයේ දී විදුලි කප්පාදුවකට මුහුණ පෑමට සිදුවුවහොත් ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ මෙම පැමිණිලි ලිඛිතව ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව 077 5 687 387 යන අංකයට වට්ස්ඇප් මගින් හෝ 011 2 392 641 දුරකතන අංකයට ෆැක්ස් මගින් පැමිණිලි සිදු කළ හැකියි.

 

 

WhatsApp Group

Skip to content