Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මහජන උපයෝගී කොමිසම මගහැර, කැබිනට් අනුමැතිය මත විදුලි බිල ඉහල දැමීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බව වර්තා වනවා .

විදුලි බිල ඉහළ දැමීම සදහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා ගත යුතු වනවා .

කෙසේවෙතත් පසුගිය ඔක්තෝබර් මාසයේ දී විදුලි බිල ඉහළ දැමීම සදහා මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර දී තිබුනා.

එම අවස්ථාවේ වාර්ෂිකව රුපියල් මිලියන 800 ක් උපයා ගැනීමට හැකි වන ලෙස විදුලි බිල ඉහළ දැමීමට අවසර ඉල්ලූ නමුත් මහජන උපයෝගී කොමිසම අවසර ලබා දී තිබුනේ රුපියල් මිලියන 500 ක් උපයාගත හැකි වන ආකාරයේ මිල ඉහළ දැමීමකට පමණියි .

මේ අතර ලබන නව වසරේ නියගයක් ඇති වීමට නියමිත බවත් නියගය මධ්‍යයේ අඛණ්ඩ විදුලි සැපයමුක් ලබා දිය යුතු නම් විදුලි ගාස්තු ඉහළ දැමීම අනිවාර්යය වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ .

මේ සමබන්ධයෙන් පාරිබෝගික අයිතීන් සුරකීමේ සංවිධානයේ සබාපති රන්ජිත් විතානගේ මහතාද අදහස් පල කළා .

https://www.vnews.lk/storage/2022/12/RANJITH-VITHANAGE-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content