Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදුලි බිල වැඩිකිරීමට එරෙහිව අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු විරෝධතා මාලාව කල් දැමීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

එහි කැදවුම්කරු රන්ජන් ජයලාල් පැවසුවේ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සතියකින් කල් දැමීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කිරීම හේතුවෙන් සිය වෘත්තීය සමිති සන්ධානය ද විරෝධතා මාලාව කල් දැමීමට තීරණය කළ බවයි.

විදුලි බිල වැඩි කිරීමට එරෙහි විරෝධතා වැඩසටහනට සියලු පාර්ශව එක් කර ගැනීම සඳහා දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content