Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අද සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

මේ අනුව එක්දින සේවය යටතේ විදෙස්ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දී අයකරනු ලබන ගාස්තුව රුපියල් 15,000 සිට රුපියල් 20,000 දක්වා ඉහළ දැමෙනු ඇති.

එමෙන්ම එක්දින සේවය යටතේ වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට වසර තුනක් වලංගු ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමේ ගාස්තුව රුපියල් 7500 යේ සිට රුපියල් 9000 දක්වා වැඩි කර තිබෙනවා.

මීට අමතරව සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීමේ ගාස්තුව රුපියල් 3500 සිට රුපියල් 5000 දක්වා වැඩි කර තිබෙනවා.

WhatsApp Group

Skip to content