විදෙස් රැකියා සඳහා පිටත් කර යවන බවට පවසමින් තරුණයන් මුලා කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ විශේෂ වැඩසටහන් ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙකු ලෙස පෙනී සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

මොහු මෙවැනිම ආකාරයට මුදල් වංචා කිරීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වී ඇති බව ද වාර්තා වනවා.

තරුණයන් විදෙස් රටවල රැකියා සඳහා යවන බවට පවසමින් එම සැකකරු එක් පුද්ගලයෙකුගෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ලබා ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content