පළාත් පාලන මැතිවරණය අභියෝගයක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

කෙසේ වෙතත් තම පක්ෂය මැතිවරණයට මුහුණ දෙන බවයි ඔහු සඳහන් කළේ.

බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අද මහනුවර ශ්‍රී දළදා මාලිගයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්.

https://www.vnews.lk/storage/2023/01/BASIL-RAJAPAKSHA-EDIT-.mp3?_=1

මේ අතර පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට නියමිත සිය`ඵ දේශපාන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අද ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

එහිදී ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ ස්වධීන කණ්ඩායම් දැනුවත් කරනු ඇතියි.

මේ අතර පළාත් පාලන මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හමුවන පළමු අවස්ථාව මෙය වනවා.

WhatsApp Group

Skip to content