විදේශ ගතව, සේවා ස්ථානයන්හි ගැටලුවලට මුහුණදී තානාපති කාර්යාලවලට පැමිණෙන කාන්තාවන් සුරක්ෂා නිවාස වෙත භාරගැනීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර ඇත්තේ, තම කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදෙස් ගතවූ කාන්තාවන්ට එම තීරණය බලපැවැත්වෙන බවයි.

ඒ අනුව එම තීරණය අප්‍රේල් මස 1 වනදා සිටි ක්‍රියාත්මක කරන බවයි එම කාර්යාංශය සඳහන් කලේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් වෙනුවෙන් විදේශීය තානාපති කාර්යාලවල කම්කරු සුබසාධන අංශ යටතේ සුරක්ෂා නිවාස ස්ථාපිත කර තිබෙනවා.

එමගින් විදේශ රැකියාවල නියුතුව සිටියදී අවශ්‍ය විවිධ සේවාවන් ලබාගැනීම සඳහා තානාපති කාර්යාල වෙත පැමිණෙන කාන්තාවන්ට අවශ්‍ය සුභසාධන පහසුකම් හා නේවාසික පහසුකම් ලබාදීම සිදුකරනු ලබනවා.

 

WhatsApp Group

Skip to content