විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනුමත රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කරනු ලබන බලපත්‍රයේ බැංකු ඇපකරය හත්ලක්ෂ 50,000 සිට මිලියන 3 දක්වා ඉහළ නංවා තිබෙනවා.

එම ඇපකරය දෙවන වසරේ සිට මිලියන 5 දක්වා ඉහළ දැමීමට බලාපොරොත්තු වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ.

රැකියා ඒජන්සි සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සලකා, මෙම තීරණය ගෙන ඇති අතර, ඉදිරියේ දී එහි ක්‍රියාකාරිත්වය දැඩි නියාමනයට ලක් කිරීමට ද පියවර ගන්නා බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content