උසස් පෙළ විභාගය හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව පැය දෙකකට සීමා කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව විදුලි කප්පාදුව පස්වරු 4න් පසුව සිදු කරන බවයි අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/01/BANDULA-GUNAWRDHNA-EDIT-03.mp3?_=1

මේ අතර දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන අයිතියට බාධාකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

මේ හේතුවෙන් උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී විදුලිය විසන්ධි කිරීම වළක්වාලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම කොමිසම ඉල්ලීමක් කර තිබෙනවා.

මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දී තිබෙන බව සඳහන්.

WhatsApp Group

Skip to content