Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රට තුළ දිනෙන් දින වැඩිවන ඝාතන තත්ත්වයන් සහ අපරාධමය කටයුතු සම්බන්ධයෙන් සලකා බලා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් නව වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබෙනවා.

මේ අනුව අමාත්‍යවරයා විසින් කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ, ආරක්ෂා කිරීමේ දිනය වශයෙන් සෑම වර්ෂයකම මාර්තු මස 07 වන දින නම් කරනු ඇති බවයි.

අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන්ගේ මූලික අයිතිවාසිකම් සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ ඒ පිළිබඳව අද දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් පල කළ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා.

https://www.vnews.lk/storage/2023/01/BANDULA-GUNAWRDHNA-EDIT-01.mp3?_=1

WhatsApp Group

Skip to content