අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවේදී විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල්වල ඩෙංගු මර්දන දුමායනය ඇතුළු පවිත්‍ර කිරීම් සිදුකරන ලෙසටයි විභාග දෙපාර්තමේන්තුව විදුහල්පතිවරුන්ට දන්වා ඇත්තේ.

මීට අමතරව විභාගය පැවැත්වෙන දිනවල හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඉන් විභාගයට සිදුවිය හැකි බාධාවන් අවම කර ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ගුවන් සහ නාවික හමුදාව ඇතුළු අදාළ අංශ සමග විභාග දෙපාර්තමේන්තුව සාකච්ඡා කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාවද ආරක්ෂක කටයුතු සදහා යොදවන බවයි.

WhatsApp Group

Skip to content