Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ආබාධිත පුද්ගලයින් භාවිතා කරන සහයක උපකරණ මත පනවා ඇති බදු ඉවත් කරන්නැයි උත්තර ලංකා සභාගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට ලිපියක් යවමින් , මන්ත්‍රීවරයා ඉල්ලා ඇත්තේ කිහිලිකරු, රෝද පුටු සහ ශ්‍රවණාධාරක ඇතුළු සහයක උපකරණ මත පනවා ඇති බදු ඉවත් කරන ලෙසයි.

බදු අය කරන උපකරණවලින් වැඩි කොටසක කාණ්ඩ අංක ඇතුළත් ලේඛනයක්ද එම ලිපිය සමඟ යොමු කර ඇති බව සඳහන්.

ආබාධිතයන් පාවිච්චි කරන සහයක උපකරණවල මිල ගණන් නව බදු සංශෝධන හේතුවෙන් සියයට 400 කින් පමණ වැඩිවී ඇතැයි රටට මුලින්ම තොරතුරු අනාවරණය කළේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතායි.

සහයක උපකරණවලට අධික බදු අය කිරීමෙන් ආබාධිතයන් අන්ත අසරණ තත්වයකට පත්වන බව වලේබොඩ මහතා එහිදී පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකාවේ විවිධ ආබාධවලට ගොදුරු වූ පුද්ගලයෝ විසි ලක්ෂයකට ආසන්න පිරිසක් සිටිනවා.

WhatsApp Group

Skip to content