සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන වසර පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බොරතෙල් ලැබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ දැනටමත් බොරතෙල් නැව් 8ක් ගෙන්වා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම තවත් බොරතෙල් නැව් 6ක් ආනයනය කර ගැනීමට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ද සඳහන්.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මගින් ලබන 2023 වසරේ දී විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය නැප්තා ප්‍රමාණවත් තරම් ලැබෙන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content