Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වියට්නාමයේ සරණාගත කඳවුරක රඳවා තබා සිටි ශ්‍රී ලාංකිකයන් 152 දෙනෙකු අද (28) අලුයම එරටින් පිටුවහල් කර විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.

මීට මාස කීපයකට පෙර 400 කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් නීතිවිරෝධී මුහුදු ගමනක යෙදෙමින් ඕස්ට්‍රේලියාව බලා ගමන් ගනිමින් සිටියදී, ඔවුන් ගමන් ගත් යාත්‍රාව වියට්නාමය ආසන්න මුහුදු සීමාවේදී අනතුරකට පත්ව තිබෙනවා.

එහිදී වියට්නාම් වෙරළාරක්ෂක භටයින් විසින් මෙම යාත්‍රාවේ සිටි පිරිස බේරා ගෙන එරට හැනෝයි නගරය ආසන්න කදවුරක රඳවා තැබීමට පියවර ගත්තා.

මේ බැව් සැළවූ වහාම ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් වියට්නාමය වෙත ගොස් විමර්ශන සිදුකර ඇති අතර, එහිදී යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට එකඟ වූ ශ්‍රී ලාංකිකයන් 152 දෙනෙකු මෙසේ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර අද(28) දින ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක හංසිකා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කළා .

මෙම ශ්‍රී ලාංකිකයන් 152 දෙනා අතරින් 09 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 144 දෙනා පිරිමි පුද්ගලයන් වනවා.

ඔවුන් පිරිස අද (28) දින අලුයම 12.00 ට (00.00) වියට්නාමයේ යන් ගොන් ( Yan Gon) ගුවන් තොටුපළේ සිට ෆිට්ස් එයා ගුවන් සේවයේ 8 D336 දරණ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණා.

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගැනීමෙන් පසුව කොළඹ සිට පැමිණි තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපළ තුළ රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් මේ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content