Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කිලිනොච්චිය, පෙරියපරන්තන් ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබි මළ සිරුරක් ඊයේ (27) සවස හමුව බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජලය කුඹුරු වෙත රැගෙන යන ඇළ මාර්ගයක තිබි අදාළ මළ සිරුර සොයාගත් බවයි.

කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකළ බවද පොලිසිය පවසනවා.

මළසිරුර හඳුනාගැනීමට නොහැකි ආකාරයට නරක් වී ඇති අතර, මළ සිරුරේ අනන්‍යතාවය සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

WhatsApp Group

Skip to content