Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විවාහයෙන් පරිබාහිරව ලිංගිකව හැසිරීමට වසරක සිරදඬුවමක් නියම කෙරෙන නව අපරාධ නීතියක් ඉන්දුනීසියාවේ පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට අපේක්ෂා කර සිටිනවා.

කෙටුම්පතට සම්බන්ධ දේශපාලඥයෙකු වන Bambang Wuryanto පැවසුවේ නව නීතිය ලබන සතියේදී සම්මත කළ හැකි බවයි.

නීතිය සම්මත වුවහොත් ඉන්දුනීසියානු පුරවැසියන්ට සහ විදේශිකයන්ට එය සමව බලපැවැත්වෙනු ඇති.

විවාහක පාර්ශව සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හිමිකම් ඇත්තේ සැමියා හෝ බිරිඳට පමණක් වන අතර අනාචාරයට දඩුවම් ක්‍රියාත්මක කළ හැකි වන්නේ බලධාරීන් වෙත පැමිණිලි කර ඇත්නම් පමණයි.

අවිවාහක පුද්ගලයන්ගේ දෙමාපියන්ට දරුවන්ගේ එම වරද සම්බන්ධයෙන් වාර්තා කිරීමටද නීතියෙන් අවසර ලබා දී තිබෙනවා..

විවාහයට පෙර එක්ව ජීවත්වීම ද තහනම් කෙරෙන අතර වරදකරුවන්ට මාස හයක සිර දඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇති..

කෙසේ වෙත්ත රොයිටර් පුවත් සේවය සඳහන් කළේ නිවාඩු සහ ආයෝජන ගමනාන්තයක් ලෙස ඉන්දුනීසියාවේ ප්‍රතිරූපයට නීති මගින් සිදු විය හැකි හානිය පිළිබඳ ව්‍යාපාරික කණ්ඩායම් කනස්සල්ල පළ කර ඇති බවයි.

WhatsApp Group

Skip to content