Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 න් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව ඊයේ දිනයේදී අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බව සඳහන්.

එමෙන්ම අදාළ නිවේදනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනත් නීතියක් මගින් හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස නිශ්චිතවම තීරණය කර ඇති නිලධාරීන් හැර සියලුම රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට විශ්‍රාම යා යුතු බව එහි දක්වා තිබෙනවා.

මේ අනුව ලබන වසරේ ජනවාරි මස පළමු වනදා සිට අදාළ විශ්‍රාම ගැන්වීම් බලාත්මක බව සඳහන්.

WhatsApp Group

Skip to content