මේ වන විට විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ නාමලේඛණයක් පාර්ලිමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම නාම ලේඛණය නිකුත් කර ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ මධුර විතානගේ මහතා සහ කරුණාදාස කොඩිතුවක්කු මහතා විසින් එම නාමලේඛණය ඉල්ලා තිබුණා.

පාර්ලිමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයට අනුව විශ්‍රාමික මන්ත්‍රීවරුන් 266 දෙනෙකු මේ වන විට විශ්‍රාම වැටුප් ලබමින් සිටිනවා.

මේ අතර මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තු විවාදයේදී ද අදහස් පලවුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් තිස්තුන් දෙනෙකු විශ්‍රාම වැටුප් ලබන බවයි.

https://www.vnews.lk/storage/2023/03/NIMAL-LANSA.mp3?_=1

WhatsApp Group

Skip to content