Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ප්‍රමාද වී ඇති නව විදුලි සබඳතා 36000ක් පමණ කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී  මේ බව ප්‍රකාශ කළා.

ලංකා විදුලිබල මණ්ඩලයේ පැවති මුල්‍ය අක්‍රමිකතා හේතුවෙන් නව විදුලි සබදතා ලබා දීම ප්‍රමාද වු බවයි කංචන විජේසේකර මහතා සදහන් කළේ.

පසුගියදා විදුලි ගාස්තු වැඩි කිරීමත් සමග විදුලිබල මණ්ඩලයේ මුල්‍ය අංශය ශක්තිමත් වු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව සති 06ක කාලයක් තුළ දී ආදළ නව විදුලි සබදතා ලබා දියහැකි බව ද අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content