Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ප්‍රංශ රජයට විරුද්ධව විශ්වාසභංග යෝජනා දෙකක් ගෙන ඒමට එරට විපක්ෂය සූදානම් වන බව විදෙස් වාර්තා පවසනවා.

ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ යෝජිත විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරමින් මෙම විශ්වාස භංග යෝජනා ගෙන ඒමට නියමිතයි.

ජනාධිපතිවරයා විසින් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 62 සිට 64 දක්වා දීර්ඝ කිරීමත් සමගයි මෙම අර්බුදය හට ගනු ලැබුවේ.

එමෙන්ම යෝජිත විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරමින් රට පුරා උද්ඝෝෂණ ද පැවැත්වෙනවා.

පසුගියදා උද්ඝෝෂකයින් සහ පොලිසිය අතර දරුණු ගැටුම් ද හටගෙන තිබුණා.

WhatsApp Group

Skip to content