අග්නිදිග ආසියාවේ විශාලතම දුම්රිය ස්ථානය තායිලන්තයේ බැංකොක් නගරයේ විවෘත කෙරුනා.

මෙහි දුර ගමන් සේවා දුම්රිය 52ක් හැසිරවීමේ පහසුකම පවතන බවයි එරට ප්‍රවාහන බලධාරීන් පවසන්නේ.

2021 අග භාගයේ මෙම මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණා.

කෙසේ වෙතත් පැරණි දුම්රිය ස්ථානය කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව දැක්වූ විරෝධතාව හමුවේ නව දුම්රිය ස්ථානයේ ඉදි කිරීම් කටයුතු ප්‍රමාද වුවා.

හෙක්ටයාර 30ක පමණ තට්ටු හතරකින් යුත් මගී නැවතුම්පොළක් ද මෙම නව දුම්රිය ස්ථානයට අයත්.

WhatsApp Group

Skip to content