නුවරඑළිය, නානුඔය – රදැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් තුවාල ලැබූ 53 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

එක් සිසුවෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා සඳහන් කළේ.

කොළඹ, තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ රාත්‍රියේ අනතුර සිදුවුණා.

එහිදී වෑන් රථයේ සිටි 6 දෙනෙකු සහ ත්‍රිරෝද රථ රියදුරු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පැවසුවේ.

මියගිය පිරිස අතර අවුරුදු 8 හා 12 යන වයස්වල ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ අවුරුදු 13 ක පිරිමි දරුවෙකු ද වනවා.

මිය ගිය අනෙක් පුද්ගලයන් අවුරුදු 26, 27, 43 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් හැටන් සහ නානුඔය ප්‍රදේශවල පදිංචි පිරිසක්.

WhatsApp Group

Skip to content