මරදාන, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම් ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් සිදු කර තිබෙනවා.

ඊයේ රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා මාළිගාවත්ත පොලිස් ස්ථානය විසින් එම මෙහෙයුම ක්‍රියාත්මකළ බව පොලීසිය පැවසුවා.

අදාළ මෙහෙයුමෙන් වරෙන්තුකරුවන් 10 දෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 යි මිලිග්‍රෑම් 860 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් 08 දෙනෙකු, හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 155 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව ගංජා ග්‍රෑම් 04 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු, ගංජා මිශ්‍ර මාවා කිලෝ 02 යි ග්‍රෑම් 72 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකුඩා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරදු 23 ත් 54 ත් අතර වයසේ පසුවන මාළිගාවත්ත, මරදාන, මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි ප්ඤඔලිසිය සඳහන් කළේ.

සැකකරුවන් අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් මාළිගාවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

WhatsApp Group

Skip to content