පානදුර වලාන ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක විෂ මත්ද්‍රව්‍ය සහිත කැවිලි ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන එම කැවිලි වර්ග අඩංගු බෝතල් 54 ක් එහි තිබී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 23 සහ 25 යන වයස්වල පසුවන අතර ඔවුන් පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව සඳහන්.

අදාළ කැවිලි වර්ග එම වෙළෙඳසැල හරහා කුඩා ළමුන්ට අලෙවි කරන බවට දෙමාපියන්ගෙන් ලද පැමිණිල්ලකට අනුවයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

WhatsApp Group

Skip to content