Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පානදුර සිල්වන් පටුමග ප්‍රදේශයේදී ඊයේ රා ත්‍රි 10.00ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

පානදුර දකුණ පොලීසිය පවසන්නේ කොළඹ අලුත්කඩේ උසාවියේ රාජකාරි කරන නීතිඥවරයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

සැකකාර නීතිඥවරයා සහ ඔහු සමග පැමිණි තවත් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, වෙඩිතැබීමට යොදාගත් මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලය සහ ඔවුන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පිස්තෝලය සඳහා බලපත්‍රයක් නොතිබූ බවයි අණාවරණ වී ඇත්තේ.

වෙඩිතැබීම සිදුකර ඇති නීතිඥවරයාගේ හිතවත් කාන්තාවක විසින් පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට ණය මුදලක් ලබාදී ඇති අතර එය නැවත නොගෙවීම හේතුවෙන් ණය මුදල ලබාදුන් කාන්තාව තවත් කාන්තාවක සහ නීතිඥවරයා සමග පානදුර සිල්වන් පටුමගේ පදිංචි ණය ලබාගත් අයගේ නිවස වෙත පැමිණ තිබුනා.

එහිදී දෙපිරිස අතර කතාබහ දුර දිග යාමෙන් නීතිඥවරයා සඟවාගෙන සිටි මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවියෙන් අහසට වෙඩිතබා ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

WhatsApp Group

Skip to content