Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ගතවූ දින දෙකක කාලය තුළ විස මත්ද්‍රව්‍ය භාවිත කරමින් බස් රථ ධාවනය කළ රියැදුරන් 15 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රියැදුරන් විස මත්ද්‍රව්‍ය භාවිත කරමින් බස් රථ ධාවනය කරන බවට ලද තොරතුරු මත බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් පොලිස් ස්ථාන 106ක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම විශේෂ මෙහෙයුමක් සිදු කළ අවස්ථාවේදීයි.

ඒ සඳහා බස් රථ 775ක් පක්‍ෂා කොට එම බස් රථවල රියැදුරන්ගේ ඛේටය පරීක්‍ෂා කිරීමෙන් මෙම රියැදුරන් 15 හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙලෙස විස මත්ද්‍රව්‍ය භාවිත කරමින් කොටු වූ රියැදුරන්ගේ මුත්‍රා සාම්පල පරීක්‍ෂා කර ඔවුන්ට එරෙහිව නඩු පවරන බව පොලිසිය සඳහන් කළා.

 

WhatsApp Group

Skip to content