Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව මෙන්ම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන වෘත්තිය සමිති රැසක් අද සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා.

ඒ නව බදු ප්‍රතිපත්තියෙන් පත්ව ඇති පීඩාවට මෙතෙක් විසදුමක් නොලැබීම හේතුවෙන්.

බැංකු පොලී අනුපාත පහළ දැමීම මෙන්ම වැටුප් හා දිමනා ගැටලු විසදා ගැනීම එම ඉල්ලීම් අතරට ඇතුලත් වනවා.

සෞඛ්‍ය, අධ්‍යාපන සේවා, ජල සම්පාදන, විදුලිබල, හෙද, ගුරු සේවා, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තිය සමිති 40කට අධික සංඛ්‍යාවක් ඊට එක් වී ඇති බව සදහන්.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශයක චමිල් විජේසිංහ මහතා කියා සිටියේ බස්නාහිර පළාත ඇතු`ඵ පළාත් 4ක් කේන්ද්‍ර කරගනිමින් අද පෙරවරු 8 සිට මෙම වැඩවර්ජනය ආරම්භ වූ බවයි.

අවදානම් කාණ්ඩයේ රෝගීන් සිටින රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක නොවන බවද ඔහු කියා සිටියා.

මේ අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය ද අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි.

අදාළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය දෙන බව ජල සම්පාදන ඒකාබද්ධ වෘත්තිය සමිති සංවිධානයේ සම කැදවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා ද කියා සිටියා.

එමෙන්ම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුවේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ තැපැල් වෘත්තිය සමිති ද අද දින විරෝධතාවයට එක්වන බවයි.

මේ අතර හෙද සේවකයින් ද එළඹෙන 15 වන දා දින වැඩවර්ජනයට එක්වන බවටයි සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් මැදිවත්ත මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

WhatsApp Group

Skip to content