Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ඩොල්බි රගහලේදී 95 වෙනි ඔස්කාර් සම්මාන උළෙල ආරම්භ වී තිබෙනවා.

මෙවර සම්මාන උලෙළේදී වසර 62 කට පසු රතු පලස භාවිත නොවීම විශේෂත්වයක්.

ඔස්කාර් සංවිධායකයින් පෙන්වා දෙන්නේ රතු පලස වෙනුවට මෙවර ෂැම්පේන් වර්ණයෙන් යුත් පලසක් භාවිතා කරන බවයි.

මෙවර සම්මාන උළෙලේ හොදම සහය නලුවාට හිමි සම්මානය හිමි කර ගත්තේ “ එව්රිතින්ග් එව්රිවේයාර් ඕල් ඇට් වන්ස් ” චිත්‍රපටයෙහි රංගන දායක වූ කිවි ක්වාන්ට්ටයි.

එමෙන්ම එම චිත්‍රපටයේම රංගනය වෙනුවෙන් ජේමි ලී කාර්ටස් හොදම සහය නිලියට හිමි සම්මානය ද දිනා ගනු ලැබුවා.

එම සම්මානය සදහා ඇය නිර්දේශ වූ පළමු අවස්ථාවේදීම සම්මානය හිමි කර ගැනීම විශේෂත්වයක්.

මෙවර සම්මාන උළෙලේදී හොදම වාර්තා චිත්‍රපටය සදහා හිමි සම්මානය දිනා ගත්තේ රුසියානු හිටපු විපක්ෂ නායක ඇලෙක්සි නැවැල්නිගේ චරිතපදානය ඇසුරෙන් නිර්මාණය වූ “ නැවැල්නි ” සිනමා පටයයි.

ඒ සදහා ඉන්දීය සිනමා පටයක් වන “ ඔල් දැට් බ්‍රිත්ස් ” චිත්‍රපටය ද නිර්දේශ වීම විශේෂත්වයක්.

එමෙන්ම ඉන්දියාවේ තවත් ගීතයක් ද ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවා.

WhatsApp Group

Skip to content