Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වෘත්තිය රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව යොමුකිරීම දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ලබන 16 දින සිට එය ක්රිත්මක බවයි.

වෘත්තිය පුහුණුව සහිත ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් ඉහළ වටිනාකමක් සහිත රැකියා සඳහා යොමුකිරීම වෙනුවෙන් ඒ සඳහා සුදුසුකම්ලත් ශ්‍රම බලකායක් බිහිකිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අනුව ජපානය ඇතුළු අනෙකුත් රටවල සුදුසුකම් සහිත වෘත්තිය රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව යොමුකිරීම දිරිගන්වනු ඇති.

ඒ අනුව, ජපානයේ විශේෂ නිපුණතා සහිත සේවකයින් වශයෙන් හෝ සීමාවාසික තාක්ෂණික පුහුණුලාභියෙකු වශයෙන් පුහුණු අවස්ථා සඳහා යොමුවන ශ්‍රමිකයින්ට මෙම අවස්ථාව හිමිවනවා.

තොරතුරු තාක්ෂණය – සාත්තු සේවක – ආගන්තුක සත්කාර – මූල්‍ය හා අලෙවිකරණ – කාර්මික ශිල්පය සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා යොමුවීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීම සඳහා වැය කරන ලද පාඨමාලා හැදැරීමේ ගාස්තු හෝ විභාග ගාස්තු සඳහා වැය කරන ලද වියදම් අතුරින් 75% ක වටිනාකම හෝ රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව, එම වියදම් අතුරින් අවම අගය කාර්යාංශය මගින් ප්‍රතිපූර්ණය කර ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙනු ඇති.

ඒ අනුව, එම මුදල විදේශ රැකියාව සඳහා යාමට කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමෙන් අනතුරුව රැකියා අපේක්ෂිතයාට ගෙවීමට පියවර ගනු ලබන බවයි එම කාර්යාංශය නිවේදනය කළේ.

 

WhatsApp Group

Skip to content