Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දින පහක් ඇතුළත දිල්ලි නගරයේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් පහත බැස තිබෙනවා.

දශකයකට පසුවයි මෙලෙස අධික සීතලට දිල්ලිය මුහුණ දී ඇත්තේ.

මේ අනුව ජනවාරි මස 05 වනදා සිට දිල්ලි නගරයේ උෂ්ණත්වය පිළිවෙලින් සෙල්සියස් අංශක තුන, හතර, දෙකයි දශම දෙක, එකයි දශම නවය, එකයි දශම එක සහ සෙල්සියස් අංශක එක දක්වා අඩු වී තිබෙනවා.

මීට පෙර මෙවැනි අඩු උෂ්ණත්වයන් වාර්තා වී ඇත්තේ 2013 වසරේ ජනවාරි මාසයේදීයි.

කෙසේ වෙතත් ජනවාරි මස 11 ත් 13 ත් අතර කාලයේදී මෙම තත්ත්වය වෙනස්වීමේ හැකියාවක් පවතින බව ඉන්දීය කාලගුණ අංශ නිවේදනය කර තිබෙනවා.

ඇතැම් හුදෙකලා ප්‍රදේශවල උෂ්ණත්වය තවදුරටත් අඩු අගයක පවතිනු ඇති බවටයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content