රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8.00 සිට සංකේත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා .

ඒ අනුව රාජ්‍ය මෙන්ම පෞද්ගලික රෝහල්වල සේවයෙන් ද ඔවුන් ඉවත් වීමට නියමිතයි .

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ ශල්‍යකර්ම, හදිසි ප්‍රතාකාර, ළමා , මාතෘ ඇතුළු විශේෂ ප්‍රතිකාර සේවාවලින් ඉවත් නොවන බවයි .

මෙම සංකේත වැඩවර්ජනය පවත්වන්නේ පවතින ඖෂධ හිගය මෙන්ම රජයේ වත්මන් බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා .

මිට අමතරව අද දිනයේ දී විදුලිය ,ජලය ,වාරය ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර රැසක් විරෝධතා මාලාවක් සංවිධානය කර තිබෙනවා .

මේ ඒ සම්බන්ධව අදහස් පල කල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සහ පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර යන මහත් වරුන්

https://www.vnews.lk/storage/2023/02/VIRODATHA-EDIT-.mp3?_=1

මේ විශ්ව විද්‍යාල අචාරවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක මහතා

https://www.vnews.lk/storage/2023/02/SHAYAAM-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content