නව වන පාර්ලිමේන්තුවේ සිව් වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කිරීමට නියමිතයි .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථා ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට පෙරවරු 10 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත වනවා .

නව වන පාර්ලිමේන්තුවේ සිව් වන සභා වාරය විවෘත කිරීමේ අවස්ථාවට විදෙශ් රාජ්‍ය තාන්ත්‍රිකයින් , හිටපු ජනාධිපතිවරුන් ,අගවිනිසුරු , නීතිපති , ආරකෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිසපතිවරයා අතුළු පිරිසට ආරාධනා කර තිබෙනවා .

මේ අතර පාර්ලිමේන්තුවේ නව සභාවාරය ආරම්භ කරන අවස්ථාවට සහභාගී නොවීමටයි විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් තීරණය කර ඇත්තේ .

ඒ අනුව සමගි ජන බලවේගය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ නිදහස් ජනතා සන්ධානය යන පාර්ශව මෙම අවස්තාව සදහා එක් නොවන බව ඊයේ දැනුම් දුන්නා .

WhatsApp Group

Skip to content