මුදලට විවිධ පුද්ගලයින්ගේ ශරීර අවයව ලබා ගැනීම සඳහා තැරැව්කරුවෙකු ලෙස පෙනීසිටි පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ඒ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් .

එම කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකදී ජංගම දුරකථන 02ක් සමග අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ .

මෙම සැකකරු අද දින අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාශය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා .

WhatsApp Group

Skip to content