පකිස්ථානයේ පෙෂාවර් නගරයේ පිහිටි ඉස්ලාම් පල්ලියක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ප්‍රහාරයෙන් පුද්ගලයින් 32 දෙදෙනෙකු මියගොස් තවත් 150 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද පකිස්තාන බලධාරීන් පවසනවා.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අදාල පල්ලිය තුළ යාඥාවක් පැවැති බවත්, ඊට සහභාගී වීම සදහා ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් පල්ලිය වෙත පැමිණ සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

බෝම්බය පුපුරා යාමත් සමග දේවස්ථානයේ වහලයේ කොටසක් සහ බිත්තියක් කඩා වැටී ඇති අතර එම සුන්බුන්වලට යටවී බොහෝ පිරිසක් මිය ගොස් ඇති බවද සදහන්. තුවාල ලැබූ පිරිස අතර සිටින බොහෝ දෙනෙකු පොලිස් නිලධාරීන් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

මේ වන විට අනාවරණ වී ඇති තොරතුරු අනුව මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

ප්‍රහාරකයා යාඥා කටයුතු සදහා එක්ව සිටි බැතිමතුන් අතර ඉදිරි පෙළෙහි රැදී සිට බෝම්බය පුපුරවා ගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු ත්‍රස්ත කණ්ඩායමක් විසින් භාරගෙන නොමැති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

WhatsApp Group

Skip to content