Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ නවතම ලෝක බැංකු දර්ශකය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 74 ක් වන අතර ශ්‍රී ලංකාව හත් වෙනි ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ අනුව පසුගිය දර්ශකයේ සියයට 86 ක ආහාර උද්ධමනයක් සමඟ ශ්‍රී ලංකාවට හයවන ස්ථානය හිමිව තිබූ අතර මෙවර ස්ථානයක් පහළට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇති බව සදහන් .

ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය සැකසී තිබෙනවා.

මෙවරත් ලෝක බැංකු දර්ශකයට අනුව ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රට ලෙස පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍ය වන අතර එහි ආහාර උද්ධමනය සියයට 321 ක්.

එම දර්ශකයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගැනීමට ලෙබනනය, වෙනිසියුලා රාජ්‍යයන් සමත්ව ඇති අතර දෙරටේ ආහාර උද්ධමනය පිළිවෙලින් සියයට 203 ක් සහ 158 ක් වනවා.

WhatsApp Group

Skip to content