Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් සිම්බාබ්වේ ලවා පිටත්ව ගිය බවයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේහිදී නෙදර්ලන්තය සහ අමෙරිකා එක්සත් ජනපදය සමග පුහුණු තරග දෙකකට ද සහභාගී වීමට නියමිතව තිබෙනවා.
මේ අතර මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කෙරුණා.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු එම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ද මෙවර එක්දින සංචිතයට කැඳවා තිබෙනවා.
එමෙන්ම නිමාවට පත්වු ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලියේ දී එක්දින වරම් දිනාගත් මතීෂ පතිරණ සහ දුෂාන් හේමන්ත ද මෙම සංචිතයට ඇතුලත් වනවා.
කෙසේවෙතත් තුන්ඉරියව් ක්‍රිඩක ඇන්ජලෝ මැතිව්ස්ට එක්දින සංචිතයේ සිය ස්ථානය අහිමි වී තිබෙනවා.
වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ සධීර සමරවික්‍රම ද එක්දින සංචිතයට ඇතුලත්.
ලෝක කුසලානට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සිම්බාබ්වේහිදී පැවැත්වීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content