Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක හමුවක් අද පස්වරුවේ කොළඹ දී පැවැත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා.

ඉදිරි පළාත්පාලන මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්චා කිරීමට නියමිත බව සදහන්.

මෙම හමුවේ දී පසුගියදා හෙලිකොප්ටරය ලකුණින් පිහිටවූ නිදහස් ජනතා සන්ධානයෙන් ඉවත්වන්නේ ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බවයි නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිටත් අත ලකුණින් ඇතැම් පළාත්පාලන ආයතනවලට නාමයෝජනා භාරදීමට සැළසුම් කර තිබෙනවා.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූර අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් නම් කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඒ පිළිබඳව ඒකමතිකව තීරණය කර ඇති බව වාර්තා වනවා .

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා සදහන් කලේ ආණ්ඩුව මැතිවරණය කල් දැමීමට ක්‍රියා කරමින් සිටින බවයි

https://www.vnews.lk/storage/2023/01/RASAMANIKKAM-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content