Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නත්තලේ සැබෑ අරුත වටහාගනිමින් ලෝකය සුවපත් කිරීමට එක්වන්නැයි, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළා.

ඒ වතිකාන ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ පැවති නත්තල් දේව මෙහෙයට එක්වෙමින්.

යේසුස් වහන්සේගේ උපතින් වසර දෙදහසකට පසුව, බොහෝ නත්තල් සැරසිලි සහ සැමරුම් පැවතිය ද නත්තලේ සැබෑ අරුත ලෝකවාසින් අමතක කර ඇති බවයි ශුද්ධෝත්තම පියතුමන් පෙන්වා දුන්නේ.

නවසිලන්තයට මෙවර පළමුවෙන් නත්තල උදාවූණා. ඉන්පසු හෝරා කිහිපයකින් බටහිර රටවලට නත්තල උදා වූ අතර මෙවර ලෝකවාසීන් නත්තල සමරනු ලබන්නේ කොරෝනා වසංගතයෙන් වසර තුනකට පසුවයි.

https://www.vnews.lk/storage/2022/12/XMAS.mp3?_=1

රුසියා – යුක්‍රේන යුද්ධය ද මෙවර ලෝක සාමයට තර්ජනයක්ව ඇති අතර යුද ගිනි දැල් මැද නත්තල සැමරීමට නොහැකිව යුක්‍රේන ජනතාව දැඩි ශෝකයට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

WhatsApp Group

Skip to content