පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න අද පෙරවරුවේ ශේෂ්ඨාධිකරණය වෙත පැමිණ තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයට අදාළ ව එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි.

සුගත් මෙන්ඩිස් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ශේෂ්ඨාධිකරණයේ ඉල්ලා ඇත්තේ ශානි අබේසේකර සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළ ව තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩ තහනම් කිරීම නීතිවිරෝධී ලෙස ප්‍රකාශ කරන ලෙස යි.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අද අධිකරණයේ පෙනී සිටින ලෙස ශේෂ්ඨාධිකරණය මීට පෙර පොලිස්පතිවරයාට නොතීසි නිකුත් කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content