Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ව්‍යපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට සම්බන්ධ සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වුනා.
ඒ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්‍ රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ නිල කාමරයේදීයි.

එම පරීක්ෂණය මුලින්ම විවෘත අධිකරණයේ කැඳවූ අතර මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, මරණකරුගේ පාර්ශවයෙන් කරන ලද ඉල්ලීමක් අනුව සාක්ෂි සටහන් කර ගැනීම තම නිල මැදිරියේ සිදුකරන බවයි.

ඒ අනුව මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේ දී සාක්ෂි සටහන් කරගැනීම සිදුවූ අතර එම අවස්ථාව ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි වුයේ නැහැ.

කෙසේ වෙතත් මෙහිදී මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිඳ සහ තවත් විධායක නිලධාරියෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ බව වාර්තාවනවා.

වැඩිදුර සාක්ෂි විභාගය ලබන 10 වනදා තෙක් කල් තැබුනා.

WhatsApp Group

Skip to content