Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නමැත්තා ඉන්දියාවට පළා යාම හේතුවෙන් ඔහුගේ ඇපකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා තිබෙනවා.

කංජිපානි ඉම්රාන් ඇප මත මුදාහැර සිටියා.

ඔහු වෙනුවෙන් ඇපකරුවන් ලෙසින් ඉදිරිපත්ව සිටියේ ඔහුගේ මව, සහෝදරයා සහ තවත් පුද්ගලයෙකි.

ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා ලද සිටි කංජිපානි පසුගිය දෙසැම්බර් 20 වැනිදා රුපියල් ලක්ෂ පනහක ශරීර ඇප මත මුදාහැරුණා.

ඔහු එලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් මුදා හැරුණේ විදෙස් ගමන් තහනමක්ද සමගින්.

කෙසේ වෙතත් ඊට දවස් පහකට පසු කංජිපානි ඉම්රාන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරම් වෙත පැමිණි ඇති බවට ඉන්දීය බුද්ධි අංශ අනාවරණ කළා.

අධිකරණ නියෝගයට අනුව කංජිපානි සෑම මසකම අවසාන ඉරිදා මාලිගාවත්ත පොලිසියට වාර්තා කළ යුතු අතර එලෙස නොපැමිණීමත් සමග පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

ඒ අනුව කංජිපානි ඉම්රාන්ගේ ඇපකරුවන් වන ඔහුගේ මව සහෝදරයා ඇතුළු පිරිසට වහාම අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දුන් බවයි පොලිසිය කියාසිටියේ.

 

WhatsApp Group

Skip to content