Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

යාල ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඩොලර් මගින් ගෙවීම් කර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම් මෙම මාසයේ සිට ආරම්භ කිරීමට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා .

රටේ ආර්ථිකයට ඩොලර් ඉපයීම අරමුණු කර ගනිමින් මෙම පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී ඇති බව සදහන් .

ඒ අනුව, මෙම වැඩ පිළිවෙළ මෙම ජනවාරි මාසය තුළ ආරම්භ කරන බවත්, පළමුව යාල ජාතික වනෝද්‍යානයෙන් එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය අමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා .

මේ අතර, දෙස් විදෙස් සංචාරකයින් මෙම දිනවල යාල වනෝද්‍යානය නැරඹීමට බහුල වශයෙන් පැමිණීම හේතුවෙන් සංචාරකයින් සඳහා ලබා දෙන පහසුකම් වැඩි කිරීමේ වැඩ පිළිවෙළක් වහාම අරඹන ලෙසත් අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තාවන්නේ .

WhatsApp Group

Skip to content