ඩීසල් මිල පහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ, ජාතික ගමනාගමන කොමිශන් සභාව විසින් ඊට අදාළව සකස් කළ වාර්තාව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ලබාදීමෙන් අනතුරුවයි.

පසුගිය සඳුදා මධ්‍යම රාත්‍රී 12 සිට ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් පහත දැමුවා.

ඒ අනුව රුපියල් 420 ක් ලෙස පැවති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405 ක් වනවා.

මීට පෙර සිදු කෙරුණු ඉන්ධන මිල සංශෝධනයේදී ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කෙරුණා.

ඒ අනුව ඉකුත් කාලසීමාව තුළ පැවැති ඩීසල් මිල මේ වනවිට රුපියල් 25 කින් අඩු කර ඇති බැවින් ඊට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය සඳහා ගණනය කිරීම් සිදුකළ බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.

කෙසේවෙතත් බස් සංගම් පවසන්නේ ගාස්තු පහළ දැමීමට සිදුකළ ඩීසල් මිල අඩුකිරීම ප්‍රමාණවත් නොවන බවයි.

මේ අතර අද රාත්‍රියේ සිට අධිවේගී මාර්ගවල මගී ප්‍රවාහනය සිදුකරන බස් රථවල ගාස්තු 10%කින් ගාස්තු අඩුකර තිබෙනවා .විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා .

WhatsApp Group

Skip to content