Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් අලෙවි කිරීම තුළින් දිවයිනේ ප්‍රදේශ රැසකින් සුපිරි ජයමල්ල ඇතුලුව ලක්ෂ 10 යේ ජයග්‍රහකයින් රැසක් මේ වන විට බිහිව තිබෙනවා.

කප්රුක 1145 වන දිනුම් වාරයේ සුපිරි ජයමල්ල කෝටියක් ලෙසද, එම ලොතරැයිපතේම 1192 වන වාරයේ සුපිරි ජයමල්ල ලක්ෂ පනහක් ලෙස ද, ලග්න වාසනාව 3752 වන වාරයේ සුපිරි ජයමල්ල හතලිස් හතර ලක්ෂ පනස් හයදහස් දහයක් ලෙසද, එම ලොතරැයිපතේම 3756 වන දිනුම් වාරයේ සුපිරි ජයමල්ල විසි හය ලක්ෂ තිස් තුන්දහස් තුන්සිය තිහක් ලෙසද ජයග්‍රහකයන් වෙත බෙදා දී තිබෙනවා.

එමෙන්ම ලග්න වාසනාවේ 3739 වන දිනුම් වාරයේ සුපිරි ජයමල්ල විසි තුන් ලක්ෂ තුන්දහස් නවසිය පනහක් ලෙසද, එම ලොතරැයිපතේම 3736 වන දිනුම් වාරයේ සුපිරි ජයමල්ල විසි දෙලක්ෂ දහතුන් දහස් හත්සිය විසි හතරක් ලෙසද ජයග්‍රහකයන් වෙත ලබා දී තිබෙනවා.

තවද ලග්න වාසනාව 3732 වන වාරයේ සුපිරි ජයමල්ල විසි ලක්ෂයක් ලෙසත්, වාලම්පුරිය 3 වන දිනුම් වාරයේ සුපිරි ජයමල්ල ලක්ෂ විස්ස බැගින් ජයග්‍රහකයින් තිදෙනෙකු වෙත හිමිව ඇති බව සදහන්.

එමෙන්ම කප්රුක ලොතරැයිපත තුළින් ලක්ෂ දහයේ ජයමල්ල දිනූ ජයග්‍රහකයින් දස දෙනෙකුද, සුපර් බෝල් ලොතරැයිපත තුළින් ලක්ෂ දහයේ ජයමල්ල දිනූ ජයග්‍රහකයින් දස දෙනෙකුද, ශනිදා ලොතරැයිපත තුළින් ලක්ෂ දහයේ ජයමල්ල දිනූ ජයග්‍රහකයින් පස් දෙනෙකුද, අද කෝටිපති ලොතරැයිපත තුළින් ලක්ෂ දහයේ ජයමල්ල දිනූ ජයග්‍රහකයින් තිදෙනෙකුද, ජයෝදා ලොතරැයිපත තුළින් ලක්ෂ දහයේ ජයමල්ල දිනූ ජයග්‍රහකයින් දෙදෙනෙකුද බිහි කර තිබෙනවා.

මෙම ජයග්‍රහකයින් සියලු දෙනා හට ජයග්‍රාහි චෙක්පත ප්‍රදානය සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ්‍රයේදී එහි සභාපති අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු වුණා.

මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි චානක දොඩංගොඩගේ මහතා.

https://www.vnews.lk/storage/2023/04/CHANAKA-DODANGODAGE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content