Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සිය ඉල්ලීම් වෙනුවෙන් කිසියම් සහනයක් හෝ ලබාදෙන තෙක් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට සම්බන්ධ නොවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසනවා.

රජයේ අත්තනෝමතික බදු ප්‍රතිපත්තින් හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද දැඩි පීඩාවකට පත්ව සිටින බවයි එම සමිති සම්මේලනයේ සභාපති මහාචාර්යය ශ්‍යාම් බන්නැහැක මහතා පෙන්වා දෙන්නේ.

එබැවින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉන් මුදවා ගැනීම සදහා සහන දීමනාවක් ලබාදීමට රජය පියවර ගත යුතු බවයි ඒ මහතා අවධාරණය කලේ.

මේ අතර ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සදහන් කලේ අපොස උසස් පෙළ පිලිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සදහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහාය ලබා නොදෙන්නේ නම් දරුවන් හා දෙමව්පියන් සමග පාරට බැසීමට ගුරුවරුන් සූදානම් බවයි.

https://www.vnews.lk/storage/2023/04/PRIYANTHA-FERNANDO-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content