Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කෘෂිකාර්මික අර්ථ රටාවකට උරුමකම් කියන අප වත්මන් තත්ත්වයන් හමුවේ ක්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතතා සහ ග්‍රාමීය පුනර්ජීවනය සඳහා වන සක්‍රීය සංකල්පයට තෛපොංගල් උත්සවය උත්තේජනයක් වනු ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විශ්වාස පල කරනවා.

අස්වැන්නේ මංගල්‍යය වන තෛපොංගල් උත්සවය කෘෂිකර්මාන්තය සහ ස්වභාවධර්මය සමග බැඳී සාම්ප්‍රදායික ජීවන රටාව කෙරෙහි විශ්වාසයෙන් දමිළ ගොවී ජනතාව විසින් සරු අස්වැන්නක් ලබාගැනීම උදෙසා සූර්යයාට කෘතඥතාව දක්වනු ලබනවා.

ජාතික සංස්කෘතියේ අංගයක් බවට පත් තෛපොංගල් උත්සවය, සාමය, එකමුතුව, දයාව මූලික වූ සාරධර්මයන් මූර්තිමත් කෙරෙන් බව අගමැතිවරයා පෙන්වා දෙනවා.

හින්දු සංස්කෘතියේ විශිෂ්ඨත්වය විදහා දක්වන මෙම මංගල්‍යය, ස්වභාවධර්මයට අනුගතව ජීවත්වීමටත්, හින්දු සංස්කෘතිය අනුව අපේක්ෂාවන් ඉටු වන නව වසරක උදාව සනිටුහන් කිරීමෙන් තෛපොංගල් උත්සවය සමරන ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා වෙසෙන ජනතාවට සුබ පැතුම් එක්කරන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content