සමගි ජන බලවේගයේ දෙමටගොඩ පිහිටි කාර්යාලයකට කිසියම් පිරිසකගෙන් අද(15) අලුයම් කාලයේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසන්නේ කිහිප දෙනෙක් කඩා පැන කාර්යාලයේ තිබූ ප්‍රචාරක පුවරුවලට දැඩි ලෙස හානි කර ඇති බවයි.

ඔහු වැඩිදුරටත් චෝදනා කරන්නේ සමගි ජන බලවේගයට තරග කරන අපේක්ෂකයින් බියවද්දා කාර්යාලය විනාශ කිරීමට ජනාධිපතිවරයා විසින් කණ්ඩායම් යොදවා අලුත් සංස්කෘතියක් නිර්මාණය කර ඇති බවයි.

ජනාධිපතිවරයාගේ නිවසට ගිනිතැබීමේ සිද්ධියට අදාළව සමගි ජන බලවේගයේ අපේක්ෂකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දිනයේ කැඳවා ඇති බවයි හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

 

 

WhatsApp Group

Skip to content