සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අද දින පැවැත්වීමට නියමිතව තිබෙනවා .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතයි .

බිත්තර ආනයනය කරන්නේ ද? නැද්ද ? යන්න සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී අවදානය යොමුකෙරෙනු ඇති .

මේ වන විට වෙළෙඳපොළ තුළ බිත්තර මිල ඉහළ යාම පිළිබඳ සහ බිත්තර මිල පාලනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/01/NALIN-FERNANDO-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content