ලංකා සතොස ආයතනය විසින් එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණ ඇතිව පසුගිය සතියේ මිල අඩු කළ අත්‍යාවශය භාණ්ඩ 12 ට අමතරව තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ 3 ක මිල පහත හෙළිමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ටින් මාලු ග්‍රෑම් 425 ක මිල රුපියල් 30 කින් අඩු කර ඇති අතර ලොකු ලුණු කිලෝග්‍රෑම් 1 මිල රුපියල් 22 කින් සහ පාන් පිටි කිලෝග්‍රෑම් 1 ක මිල රුපියල් 10 කින් වශයෙන් පහත දමා තිබෙනවා.

WhatsApp Group

Skip to content