2022 සඳහා ලොව පුරා සිටින බලගතු කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ නමද ඇතුළත් කර තිබෙනවා.

තම ආදරණීයයන් අහිමි වූ දහස් ගණන් මවුවරුන්ට සහ භාර්යාවන්ට උපකාර කරන්නියක් ලෙස සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙසයි සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය හඳුන්වා ඇත්තේ.

ඇයගේ සැමියා වන ප්‍රගීත් එක්නැලිගොඩ මහතා 2010 වසරේදී අතුරුදන් වූ අතර ඔහු එවකට පවතී රජය දැඩි ලෙස විවේචනයට ලක් කල පුද්ගලයෙක් බව සඳහන්.

ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් වූ දා සිට දෙදරු මවක් වූ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය යුක්තිය පතා විවිධ අරගළ සිදු කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content